Terms & Conditions
අපගේ vasimart.lk වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීම සහ දැන්වීම් නැරඹීම් (Views / Reward Points) හරහා මුදල් ලබාගැනීමේ පද්ධතිය භාවිත කිරීමේදී පහත සඳහන් නීති රීති සහ කොන්දේසිවලට පරිශීලකයන් (Sellers) එකඟ විය යුතුය.
- ලියාපදිංචිය සහ පැකේජ සීමා (Registration & Ad Limits)
- පැකේජ සක්‍රියතාව: සෑම පරිශීලකයෙකුම තමන් තෝරා ගන්නා පැකේජයේ ගාස්තුව සම්පූර්ණ කර ගිණුම සක්‍රිය කරගත යුතුය.
- දැන්වීම් සීමාව: තෝරාගත් පැකේජයට අදාළ මාසික දැන්වීම් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් පළ කිරීමට අවසර නොලැබේ.
- සැබෑ තොරතුරු: පළ කරන සියලුම දැන්වීම් සැබෑ, නීත්‍යානුකූල සහ ගුණාත්මක භාණ්ඩ හා සේවාවලට අදාළ විය යුතුය. ස්පෑම් (Spam) හෝ වංචනික දැන්වීම් පළ කරන ගිණුම් පූර්ව දැනුම්දීමකින් තොරව අත්හිටුවනු ලැබේ.
- දැන්වීම් පැකේජ සහ කල්ඉකුත් වීම් (Packages & Expiry Rules)
- දැන්වීම් පළ කිරීම: දැන්වීම් පළ කිරීම සඳහා අලෙවිකරුවන් විසින් අදාළ ගාස්තු ගෙවා සක්‍රීය පැකේජයක් (Subscription Package) ලබාගත යුතුය.
- දින 30ක වලංගු කාලය: සියලුම පැකේජ සහ ඒ යටතේ පළ කරන සියලුම දැන්වීම් මිලදී ගත් දින සිට දින 30කින් කල් ඉකුත් (Expire) වේ.
- දින 30 අවසානයේදී එම පැකේජයට අදාළ දැන්වීම් ස්වයංක්‍රීයව වෙබ් අඩවියෙන් ඉවත් වන අතර, ඒවා නැවත ප්‍රසිද්ධ කිරීමට පැකේජය Renew කළ යුතුය.
- Views to Payout / Reward Points සහ නීති රීති (Earnings & Reward Rules)
අපගේ විශේෂිත Reward Program එක යටතේ අලෙවිකරුවන්ට තමන්ගේ දැන්වීම්වලට ලැබෙන නරඹන්නන් (Views) මත පදනම්ව මුදල්/ලකුණු උපයා ගත හැක.
- සාමාන්‍ය Hits (
) සහ Reward Points අතර වෙනස:
-
- සාමාන්‍ය Hits (Page Visits): ඔබේ දැන්වීම් පිටුවට (Ad Page) ඕනෑම අයෙකු පිවිසෙන සෑම වාරයක්ම (Page Load එකක්ම) පද්ධතිය මඟින් සටහන් කර ගනී. (උදාහරණයක් ලෙස: එකම පුද්ගලයා හෝ ඔබම එකම දැන්වීම කිහිප වතාවක් Refresh කළහොත්, එය Hits කිහිපයක් ලෙස පෙන්වයි).
- Verified Unique Views (Reward Points): මුදල් ගෙවීම සඳහා පද්ධතිය විසින් සත්‍යාපනය කරනු ලබන සැබෑ නැරඹීම් ප්‍රමාණයයි.
- ඔබේ දැන්වීම් පිටුව මුළුමනින්ම ඕපන් වූ වාර ගණන (Hits) වන අතර, මෙම සාමාන්‍ය Hits ගණන මඟින් මුදල් හෝ ත්‍යාග ගෙවීම් සිදු නොකෙරේ. ගෙවීම් සිදු කරනු ලබන්නේ සැබෑ Unique පාරිභෝගිකයන් මත පදනම් වන Reward Points මඟින් පමණි.
- පැකේජ පදනම මත තනි දැන්වීම් සීමාව (Per-Ad Threshold - Views 100 Rule):
-
- මුළු වෙබ් අඩවියේ හෝ ගිණුමේ ඇති සියලුම ඇඩ්ස් වල Views එකතු කර (Sum total) ගණනය කරනු නොලැබේ. Payout ගණනය කරනු ලබන්නේ තනි දැන්වීමක් (Single Ad) සඳහා ලැබෙන Verified Unique Views පදනම් කරගෙන පමණි.
- Views 100 = Rs. 50 Rule: එක් එක් තනි දැන්වීමක් සඳහා අවම වශයෙන් Verified Unique Views 100ක සීමාව ඉක්මවා ගියහොත් පමණක්, එම Views 100ට රු. 50/- ක මුදලක් (Reward Points) බැඟින් හිමිවේ. කිසිදු ඇඩ් එකකට Views 100ක් සම්පූර්ණ වී නැත්නම්, එම ඇඩ්ස් සඳහා කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් හිමිවන්නේ නැත.
- 2x Payout Cap (උපරිම ගෙවීම් සීමාව):
-
- ඕනෑම අලෙවිකරුවෙකුට තමන්ගේ පැකේජය යටතේ ලබාගත හැකි උපරිම Payout මුදල, ඔහු එම පැකේජය සඳහා ගෙවූ මුදල මෙන් 2 ගුණයකට (2x Cap) සීමා වේ.
- උදාහරණයක් ලෙස: රු. 500 පැකේජයක් ගත් සෙලර් කෙනෙකුට Views මඟින් ලබාගත හැකි උපරිම Payout එක රු. 1,000/- කි. එම සීමාවට පැමිණි පසු අදාළ පැකේජයෙන් වැඩිදුර Payouts එකතු වීම නතර වේ (දැන්වීම් දිගටම සක්‍රීයව පවතී).
- වංචනික ක්‍රියා වැළැක්වීම (Fraud & Bot Traffic):
-
- ස්වයංක්‍රීය මෘදුකාංග (Bots), VPN, Scripts, හෝ එකම පුද්ගලයා විසින් නිරන්තරයෙන් Refresh කරමින් කෘතිම ලෙස Views ලබාගැනීමට උත්සාහ කළහොත්, එකතු වූ Reward Points සියල්ල පද්ධතිය මඟින් ඉවත් කර ගිණුම තහනම් (Block) කරනු ලැබේ.
- Reward Points Redeem කිරීම සහ මුදල් ගෙවීම (Payout & Cash Out Rules)
.
- ගෙවන කාලරාමුව (Monthly Payout): එකතු වූ සියලුම Reward Points සඳහා වන මුදල් ගෙවීම් සත්‍යාපනය කිරීමෙන් පසු සෑම මාසයකම අවසානයේදී (Month-end Payout) සිදු කරනු ලැබේ.
- පද්ධතිය වෙනස් කිරීමේ අයිතිය (Right to Modify)
- vasimart.lk පාලනාධිකාරිය විසින් පද්ධතියේ සුරක්ෂිතභාවය සහ මූල්‍යමය තිරසාරභාවය උදෙසා Payout rates, Minimum threshold, හෝ කොන්දේසි ඕනෑම අවස්ථාවක පූර්ව දැනුම්දීමකින් තොරව සංශෝධනය කිරීමට අයිතිය සතුය.
vasimart.lk – මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය (Refund Policy)
vasimart.lk හි අපගේ අභිප්‍රාය වන්නේ සියලුම අලෙවිකරුවන්ට (Sellers) සාධාරණ, ආරක්ෂිත සහ විනිවිදභාවයෙන් යුත් සේවාවක් ලබාදීමයි. අපගේ දැන්වීම් පැකේජ මිලදී ගැනීම් සහ මුදල් ආපසු ගෙවීම් (Refunds) සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රතිපත්ති අදාළ වේ.
- පැකේජ මිලදී ගැනීම් (Subscription Packages)
- නොගෙවන මුදල් (Non-Refundable Policy): vasimart.lk හි ඕනෑම දැන්වීම් පැකේජයක් (Starter, Basic, Pro, Business ආදී) සඳහා ගෙවන ලද පැකේජ ගාස්තු නැවත ආපසු ගෙවනු නොලැබේ (Non-Refundable).
- පැකේජයක් සක්‍රිය කළ පසු, පරිශීලකයා විසින් අදාළ දැන්වීම් පළ නොකළද හෝ අඩුවෙන් පළ කළද, දින 30ක කාල සීමාව අවසානයේදී එම පැකේජය ස්වයංක්‍රීයව කල් ඉකුත් වේ.
- මුදල් ආපසු ගෙවීමට අදාළ වන එකම විශේෂ අවස්ථාව (Exceptions)
පහත දැක්වෙන එකම විශේෂ අවස්ථාවේදී පමණක් මුදල් ආපසු ලබාදීමට (Refund එකක් සලකා බැලීමට) පාලනාධිකාරිය පියවර ගනී:
- තාක්ෂණික දෝෂ (Double Charging / Technical Errors): පැකේජයක් මිලදී ගැනීමේදී තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එකම පැකේජය සඳහා ඔබේ ගිණුමෙන් දෙවතාවක් මුදල් කැපී ඇත්නම් (Double Deduction), අමතරව කැපී ගිය මුදල පරීක්ෂා කර බලා නැවත ඔබේ බැංකු ගිණුමට තැන්පත් කරනු ලැබේ.
- Reward Points / Payouts සහ Refund අතර වෙනස
- Views මඟින් එකතු වන Reward Points සඳහා සිදුකරන ගෙවීම් (Payouts) යනු මුදල් ආපසු ගෙවීමක් (Refund) නොවන අතර, එය අපගේ Reward Program එක යටතේ සිදුකරන Month-end Cash Out (Redemption) ක්‍රියාවලියකි.
- නීති විරෝධී ක්‍රියා හෝ වංචනික Bot / Spam Traffic හේතුවෙන් ගිණුමක් අත්හිටුවනු ලැබුවහොත් (Blocked Account), එම ගිණුම සඳහා මිලදී ගත් පැකේජ ගාස්තු ආපසු ලබාදීම හෝ එකතු වූ Payouts ගෙවීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කෙරේ.
- Refund ඉල්ලීම් යොමු කිරීම
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදු වූ මුදල් කැපීම් පිළිබඳ ඉල්ලීම් පැය 48ක් ඇතුළත අපගේ පාරිභෝගික සහාය අංශය (Support Team) වෙත ඔබගේ ගෙවීම් රිසිට්පත සමඟ යොමු කළ යුතුය.